චීන-පකිස්ථාන ආර්ථික කොරිඩෝව ගොඩනැංවීමට සක්‍රිය ව දායක වන බව පකිස්ථාන ජනපති කියයි
2023-09-13 14:59:57
Share with:

චීන-පකිස්ථාන ආර්ථික කොරිඩෝව ගොඩනැංවීම සඳහා තම රට සක්‍රිය ලෙස දායක වන බව පකිස්ථාන ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති Arif Alvi මහතා, එරට චීන තානාපති Jiang Zaidong මහතා ඊයේ (12)  හමුවූ අවස්ථාවේ දී මේ බව පැවසීය.

තම රටේ සංවර්ධනයට දිගුකාලීන සහායක් ලබාදෙන චීනයට ජනාධිපතිවරයා එහිදී තම කෘතඥතාව පළ කළේ ය. චීනයේ සංවර්ධන අත්දැකීම් අධ්‍යයනය කිරීම තම රටේ අවශ්‍යතාවකි. චීනය සමග සමීප සම්බන්ධතා පවත්වමින් චීන-පකිස්ථාන ආර්ථික කොරිඩෝව ගොඩනැංවීම සක්‍රිය අයුරින් තහවුරු කිරීමටත්, කෘෂිකර්මාන්තය, තොරතුරු තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීමටත් තම රට සූදානම් බව ද ජනාධිපති Arif Alvi මහතා සඳහන් කළේ ය.

දෙරට රාජ්‍ය නායකයන්ගේ මඟපෙන්වීම් යටතේ චීන-පකිස්ථාන සබඳතාව ඉහළ මට්ටමක පවතින බව Jiang Zaidong මහතා එහිදී ප්‍රකාශ කළේ ය. දෙරට ජනාධිපතිවරුන්ගේ එකඟතා අනුගමනය කරමින් පොදු ඉරණමක් සහිත, උසස් මට්ටමේ චීන-පකිස්ථාන ප්‍රජාවක් ගොඩනැංවීමට තමා දායක වන බව ද චීන තානාපතිවරයා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම