ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ඇගැයීම හෙට (14) සිට
2023-09-13 18:27:35
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය යෝජනා ක්‍රමයේ පළමු ඇගයීම හෙට(14) සිට 24 වැනිදා දක්වා සිදුකෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ අනුව ණය වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ විමසා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණෙන බවත්, එහිදී සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත බවත් අමාත්‍යවරයා කියා සිටී. ඔහු මේ අදහස් පළ කළේ, ඊයේ(12) සවස යටියන්තොට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා අවංක වෙහෙසක් දැරූ බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒ තත්ත්වය හමුවේ සාකච්ඡා වටයට සාර්ථකව මුහුණදිය හැකිවනු ඇතැයි ද පැවසීය. එසේම, අවසන් සාකච්ඡාව බොහෝදුරට ජනාධිපතිවරයා සමඟ පැවැත්වීමට නියමිත ය.

එම අවසන් සාකච්ඡාව සාර්ථකව නිම කිරීමෙන් පසුව විස්තීර්ණ ණය මුදලේ දෙවන වාරිකය ලැබීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම