වෘත්තීය පුහුණු ආයතනවලටත් විශ්වවිද්‍යාල පිළිගැනීම ලබාදීම කෙරෙහි රජයේ අවධානය
2023-09-13 18:25:38
Share with:

විශ්වවිද්‍යාලවලට ලබාදෙන පිළිගැනීම වෘත්තීය පුහුණු ආයතන සඳහාත් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් හෙතෙම මේ පිළිබඳ අදහස් දැක්වීය.

 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වෘත්තීය පුහුණු අධිකාරිය වෙනුවට ස්වාධීනව කටයුතු කළ හැකි උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක්  යෝජනා කර ඇතැයි ද අමාත්‍යවරයා පවසයි. 

එම උසස් අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ රාජ්‍ය විශ්වවිද්‍යාල, පෞද්ගලික විශ්වවිද්‍යාල, වෘත්තීය විශ්වවිද්‍යාල යන ඒකක තුනක් සහ ඒවායෙහි ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීමට වෙනම ඒකකයක් ද ක්‍රියාත්මක වනු ඇත. 

වෘත්තීය පුහුණු අධ්‍යාපනය රටක ප්‍රමුඛ අවශ්‍යතාවක් බැවින් ඒ සඳහා පිළිගැනීමක් ලබා දිය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ඊයේ (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මේ අදහස් පළකළේය. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම