ජනපති Biden ට ‍එරෙහිව දෝෂාභියෝගයක් පවත්වන්නැයි ඉල්ලීමක්
2023-09-13 09:57:26
Share with:

ඇමරිකානු ජනාධිපති Joe Biden ට එරෙහිව දෝෂාභියෝග විමර්ශනයක් පවත්වන ලෙස එරට මහජන මන්ත්‍රී මණ්ඩල කථානායක Kevin McCarthy මහතා ඉල්ලයි.

එම දෝෂාභියෝග විමර්ශනය නිල වශයෙන් ආරම්භ කරන ලෙස තමා මහජන මන්ත්‍රී මණ්ඩලයේ අදාළ කමිටුවලින් ඉල්ලීමක් කළ බව හෙතෙම ඊයේ(12) මාධ්‍ය අමතමින් කියා සිටියේ ය. ජනාධිපති Joe Biden ගේ පුත්‍රයා‍ගේ විදෙස් ගනුදෙනු පිළිබඳ පරීක්ෂණ කිරීමේදී ජනාධිපතිවරයා බලය අයුතු ලෙස භාවිත කිරීම, අධිකරණයට බාධා කිරීම සහ දූෂණවලට අදාළ බව සොයාගෙන ඇත. එබැවින් මහජන මන්ත්‍රී මණ්ඩලය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් පවත්වනු ඇතැයි Kevin McCarthy මහතා ප්‍රකාශ කළේ ය.

මේ අතර ධවල මන්දිරයේ ප්‍රකාශක Ian Sams ඊයේ සමාජ මාධ්‍ය ඔස්සේ Joe Biden ජනාධිපතිවරයාට එල්ල වූ අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළේ ය. රිපබ්ලිකන් පක්ෂය ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග විමර්ශනයක් ක්‍රියාත්මක කිරීම “නරකම ආකාරයේ ආන්තික දේශපාලනය”බව ඔහු විවේචනය කර තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම