මොරොක්කෝ භූමිකම්පාවෙන් චීන ජාතිකයන්ගේ ජීවිත හානි මෙතෙක් වාර්තා වී නොමැති බව එරට චීන තානාපති කියයි
2023-09-13 14:29:14
Share with:

මොරොක්කෝවේ හදිසි භූමිකම්පාවෙන් පසු, තානාපති කාර්යාලය වහාම හදිසි යාන්ත්‍රණය සක්‍රිය කර, මොරොක්කෝ විදේශ කටයුතු අමාත්‍යාංශය අමතා අවශ්‍ය පියවර ගත් බව එරට චීන තානාපති Li Changlin මහතා කියාසිටී. එරට රැඳීසිටින චීන ජාතිකයින් කිසිවෙකු සිද්ධියෙන් මිය ගිය බවට කිසිදු වාර්තාවක් මෙතෙක් තානාපති කාර්යාලයට ලැබී නොමැති බව ද හෙතෙම පවසයි. තානාපතිවරයා මේ අදහස් පළකළේ, චීන මාධ්‍ය සමූහය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

භූමිකම්පාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක සහන සේවා සඳහා දායක විය හැකි චීන ව්‍යවසායන් ඒ සඳහා යොමුකිරීමට ද තානාපති කාර්යාලය පියවර ගෙන ඇත. මීට අමතරව, චීන තානාපති කාර්යාලය මොරොක්කෝ පාර්ශ්වය සමඟ සමීප සන්නිවේදන පවත්වා, සහන සේවා සහ පශ්චාත් ආපදා ප්‍රතිසංස්කරණයේ දී එරට අවශ්‍යතා තේරුම් ගනිමින් ප්‍රශස්ත සහායක් ලබාදෙන බව ද, Li Changlin මහතා සඳහන් කළේ ය.

මොරොක්කෝවේ මුදාගැනීමේ සහ ආපදා සහන සේවා වෙනුවෙන්, චීනයේ රතු කුරුස සංගමය, මොරොක්කෝ රතු චන්ද්‍රවංක සංගමයට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 2ක හදිසි මානුෂීය මූල්‍යාධාර ලබාදෙන බව ද  ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම