ජපානය දැඩි ජාත්‍යන්තර අධීක්ෂණයකට යටත් විය යුතු බව චීනය පවසයි
2023-09-12 14:44:31
Share with:

ජපානය දැඩි ජාත්‍යන්තර අධීක්ෂණයකට යටත් විය යුතු බව එක්සත් ජාතීන්ගේ චීන නියෝජිතයා පවසයි.

වියානා හි එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සෙසු ජාත්‍යන්තර සංවිධාන වල චීන ස්ථාවර නියෝජිත Li Song මහතා ඊයේ(11) ආරම්භ වූ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ සැප්තැම්බර් පාලක මණ්ඩල රැස්වීමේදී මේ බව ප්‍රකාශ කළේය.

Li Song මහතා එහිදී ජපානය ඒකපාර්ශ්විකව ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම ආරම්භ කිරීම ‍දැඩි ලෙස විවේචනය කරමින් දැඩි ජාත්‍යන්තර අධීක්ෂණයක් පිළිගන්නා ලෙස ජපානයෙන්  ප්‍රබලව ඉල්ලා සිටියේය.

ජපානයේ එම ක්‍රියාව ජපාන අසල්වැසි රටවල ජනතාවගේ සෞඛ්‍යය හා සාගර පාරිසරික අයිතිවාසිකම් මෙන්ම ගෝලීය න්‍යෂ්ටික ව්‍යායාමයේ සුරක්ෂිතතාව හා සංවර්ධන ප්‍රතිලාභයන්ට දැඩිව හානි  සිදු කරන්නක් බව Li Song මහතා අවධාරණය කළේය.

ජපානය බලහත්කාරයෙන් අපජලය මුහුදට මුදාහැරීමට එරෙහිව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය දිගු කාලීන, ඵලදායී සහ ජපානය විසින් පාලනය නොකරන ජාත්‍යන්තර නිරීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය බව ද චීන නියෝජිතයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම