මානව හිමකම් ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට චීනයේ ප්‍රසාදය
2023-09-12 09:58:15
Share with:

එක්සත් ජාතීන්ගේ ජිනිවා කාර්යාලයේ හා ස්විට්සර්ලන්තයේ සෙසු ජාත්‍යන්තර සංවිධාන වල චීන ස්ථාවර නියෝජිත Chen Xu මහතා ඊයේ(11) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 54 වැනි සැසියේ ශ්‍රී ලංකා මානව හිමිකම් තත්ත්වය පිළිබඳ මානව හිමිකම් කොමසාරිස් වාර්තාව සම්බන්ධ සංවාදයේ ප්‍රකාශය ඉදිරිපත් කළේය. මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට ප්‍රශංසා පළ කරමින් අර්ථකාරී සංවාද හා සහයෝගිතා වෙනුවෙන් දායකත්වය ල‍බා දෙන ලෙස Chen Xu මහතා මානව හිමිකම් කවුන්සලයෙන් ඉල්ලා සිටියේය.

මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂාව වෙනුවෙන් සංහිඳියාව හා යළි ගොඩනැංවීම ප්‍රවර්ධනය කිරීම, ත්‍රස්තවාදය මර්දනය කිරීම,  අවදානම් සහගත පිරිස්වල අයිතිවාසිකම් සහතික කිරීම, ආර්ථික පුනරුත්ථාපනය, ජන ජීවිතය දියුණු කිරීම ඇතුළු ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට චීනය ප්‍රසාද පළ කරයි.  ස්වාධීන ජාතික ස්වෛරීභාවය, සමාජ ස්ථාවරත්වය හා ආර්ථික වර්ධනය රැක ගැනීමට චීනය ශ්‍රී ලංකාව දැඩි ලෙස අනුබල දෙන බව Chen Xu මහතා එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම