යුරෝ කලාපයේ ආර්ථික වර්ධන අපේක්ෂාව පහළය
2023-09-12 10:12:36
Share with:

යුරෝ කලාපයේ 2023 වසරේ ආර්ථික වර්ධන අපේක්ෂාව පහත දැමේ. පසුගිය සීත සමයේ ආර්ථික පසුබෑම වැළකී ගියද මෙම වසරේ යුරෝපා ආර්ථිකය බහුවිධ පීඩනයන්ට මුහුණ දී ඇතැයි යුරෝපා කොමිසම සඳහන් කරයි. ඒ අනුව මෙම වසරේ වසන්ත සමයේදී පුරෝකථනය කළ ආර්ථික වර්ධන අපේක්ෂාවට වඩා දුර්වල මට්ටමක් වෙත ප්‍රවේශ වෙමින් සිටින බව එම කොමිසම නිකුත් කළ ගිම්හාන කාලීන ආර්ථික අපේක්ෂාව පිළිබඳ වාර්තාවේ දැක්වේ ඒ අනුව යුරෝ කලාපයේ මෙම වසරේ ආර්ථික වර්ධනය පෙර තක්සේරු කෙරුණු සියයට 1 සිට සියයට 0.8ක් දක්වා පහළ දමා තිබේ. 2024 ආර්ථික වර්ධනය පෙර අපේක්ෂා කළ සියයට 1.7 සිට සියයට 1.4ක් දක්වා අඩු කර ඇත. කෙසේ වුවද එම කලාපයේ උද්ධමනය අඛණ්ඩව අඩුවනු ඇති බවට ‍අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම