පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් සඳහා කැබිනට් අනුමැතිය
2023-09-12 18:28:56
Share with:

මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. දැනට මෙරට ක්‍රියාත්මක වෛද්‍ය පීඨයන් හි ප්‍රමිතීන්ට අනුකූලව මෙම නව වෛද්‍ය විද්‍යාල ඇරඹීමට අනුමැතිය ලබා දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙරට විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ 13ක් පමණ ඇතත්, වාර්ෂිකව ඒ සඳහා බඳවා ගනු ලබන්නේ 2000 ක පමණ සිසු පිරිසක් පමණකි. එම ප්‍රමාණය වැඩි කිරීම සඳහා පියවර ගත යුතු බව ද අමාත්‍යවරයා පැවසීය. රටේ දරුවන්ගේ බුද්ධිය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති  බවත්, මූලික සුදුසුකම් තිබෙන සිසුන්ට අවස්ථාව ලබා දිය යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම