නෞකාවල තෙල් කාන්දු නිරීක්ෂණයට ප්‍රංශ සහාය
2023-09-12 18:27:56
Share with:

මෙරට මුහුදු සීමාවට පැමිණෙන නෞකාවලින් තෙල් කාන්දුවීම් සිදුවන්නේ දැයි චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ.

ප්‍රංශ රජය සහ ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඊට අත්සන් තබා ඇත.

මෙරට මුහුදු තීරයට පැමිණෙන නෞකාවලින් තෙල් කාන්දුවීමේ සිදුවීම් අවස්ථා ගණනක දී වාර්තා වූ අතර, ඉන් මෙරට සමුද්‍ර ජීවින්ට සහ සමුද්‍ර පරිසර පද්ධතියට දැඩි බලපෑම් එල්ල විය. මෙම අර්බුදය කෙරෙහි අවධානය යොමුකරමින් ඊට පිළියම් ලෙස නව ගිවිසුමට අත්සන් තබා ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම