ඇමරිකාව හා ඉරානය අතර නව එකඟතාවක්
2023-09-12 11:16:18
Share with:

ඉරානය සමග ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීමට බයිඩන් රජය අනුමැතිය ලබා දෙයි.

ඉරානයට එරෙහිව ඇ.ඩො. බිලියන 6ක වත්කම් මත පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට බයිඩන් රජය අනුමැතිය ලබා දෙන අතරම අත්අඩංගුවට ගෙන ඇති ඉරාන පුරවැසියන් 5දෙනෙකු නිදහස් කිරීමට නියමිත බවත් ඇමරිකා මාධ්‍ය වාර්තා කළේය. ඉරානය විසින් අත්අඩංගුවට ගෙන ඇති ඇමරිකානු පුරවැසියන් 5දෙනෙකු හුවමාරු කරගැනීම එහි අරමුණ ය. මේ පිළිබඳ ගිවිසුමට ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken පසුගිය සති අන්තයේ දී අත්සන් තැබීය. ඊයේ(11) එය කොංග්‍රසය වෙත ඉදිරිපත් කෙරිණ.

ඒ අනුව ඇමරිකාවේ සම්බාධක වලින් තොරව ඉරානය සතු ඇ.ඩො. බිලියන 6ක වත්කම් දකුණු කොරියාවේ බැංකුවකින් කටාර් මහ බැංකුවට වෙත යොමු කිරීම සහතික කෙරේ. එම අරමුදල් මගින් ජාත්‍යන්තර මානුෂීය සහනාධාර මිළදී ගැනීමට ඉරානය අපේක්ෂා කරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම