බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්
2023-09-11 18:18:20
Share with:

එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කළ යුතු බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා කියාසිටී. එසේම, මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවල සහභාගිත්වය ප්‍රවර්ධනය සම්බන්ධයෙන් හෙතෙම සිය ප්‍රසාදය පළ කරයි. 

බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා මේ අදහස් පළකළේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග අරලියගහ මන්දිරයේ පැවති හමුවක දී ය. දෙරට අතර විවිධ ක්ෂේත්‍රයන් හි පවතින සබඳතා සහ සංවර්ධන සහයෝගිතාව පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ යි.

පුද්ගලික අංශයේ සහභාගිත්වයෙන් මෙරට නව ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමේ හැකියාව සොයා බලන ලෙස අගමැතිවරයා මෙහිදී ඉල්ලා සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය, බැංකු සහ මූල්‍ය සේවා, ඖෂධ, හෝටල් කර්මාන්ත සහ සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍රවල එක්සත් රාජධානියේ ආයෝජන දිරිමත් කරන බව ද හෙතෙම පැවසීය.

දෙරට අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින සබඳතා පිළිබඳ අවධානය යොමුකරමින් මහකොමසාරිස්වරයා කියාසිටියේ, බ්‍රිතාන්‍ය කවුන්සිලය සමඟ එක්ව ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ පහසුකම් පුළුල් කිරීමේ හැකියාව සොයා බලන බව යි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම