ගංවතුර වන්දි පිළිබඳ කැබිනට් පත්‍රිකාව නුදුරේ දී ම
2023-09-11 18:14:38
Share with:

ගංවතුර හේතුවෙන් සිදුව ඇති වගා හානි සඳහා වන්දි ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරි සති දෙක තුළ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ රැසක අස්වනු නෙළීමට ආසන්න තත්ත්වයේ පැවති කුඹුරු රැසක් විනාශ විය. වගා හානි තක්සේරු කිරීම සඳහා මේ වන විට තොරතුරු රැස්කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක තවදුරටත් දැඩි අයහපත් කාලගුණ තත්ත්වයක් පවතී. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම