මඩකලපු මුහුදේ භූ කම්පනයක්
2023-09-11 18:17:15
Share with:

මඩකලපුවට ඊසානදිගින් කිලෝමීටර් 310 ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ භූ කම්පනයක් හටගෙන තිබේ.

අද (11) අලුයම 1.29 ට පමණ එය හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය නිවේදනය කළේය. එය රික්ටර් මාපකයේ ඒකක 4.65 ක ප්‍රබලතාවක් සටහන් කර ඇත.

භූ කම්පනයෙන් මෙරටට කිසිදු අවදානමක් නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය කියාසිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම