චීනයේ “Peace Ark”රෝහල් නෞකාව සිය මෙහෙවර සාර්ථකව නිම කරයි
2023-09-11 12:32:05
Share with:

චීනයේ “Peace Ark”රෝහල් නෞකාව සිය මෙහෙවර සාර්ථකව අවසන් කරයි.

එම රෝහල් නෞකාව සිය ගමන ආරම්භ කළේ පසුගිය ජූලි මස 3වැනි දා ය. මේ වන විට “Peace Ark”නෞකාව දකුණු පැසිෆික් දූපත් රටවල් වන කිරිබාති, ටොංගා, වනුවාටු, සොලමන් දූපත් සහ ආසියාවේ නැගෙනහිර ටිමෝරයට ගොස් එම රටවල් වෙනුවෙන් වෙන් වෙන් ව සතියක නොමිළේ වෛද්‍ය සේවා ලබාදී ඇත. නැගෙනහිර ටිමෝරය“Peace Ark”නෞකාව නැවතුණු අවසන් ගමනාන්තයයි. නැගෙනහිර ටිමෝරයේ රැඳුණු සතියක කාලයේ එම නෞකාවේ වෛද්‍යවරුන් එරට රෝගීන් 10947 දෙනෙකු වෙනුවෙන් වෛද්‍ය සේවා ලබා දුන් අතර නෞකාවේ සැත්කම් 50ක් සිදු කෙරිණ. මෙවර මානුෂීය වෛද්‍ය මෙහෙවර සඳහා නැගෙනහිර ටිමෝරයේදී ඉහළම එක්දින රෝග විනිශ්චය හා ප්‍රතිකාර පරිමාව අත්කර ගැනීමට “Peace Ark”නෞකාවේ වෛද්‍යවරුන්ට හැකි විය. නැගෙනහිර ටිමෝරයේ ජනාධිපතිවරයා හා සෞඛ්‍ය ඇමතිවරිය ඇතුළු ප්‍රභූ පිරිස එම නෞකාවට ගොස් සෞඛ්‍ය පරීක්ෂණ ලබාගෙන තිබීම විශේෂත්වයකි.

ඊයේ (10) “Peace Ark”නෞකාව සිය මෙහෙවර අවසන් කර ආපසු චීනය බලා නැගෙහිර ටිමෝරයෙන් පිටත් විය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම