චීන සංවර්ධනයේ පදනම එරට ප්‍රෞඩ ඉතිහාසය සහ අනන්‍ය සංස්කෘතියයි
2023-09-11 10:46:26
Share with:

ඕනෑම රටක සංස්කෘතියක් විසින් ඇති කරනු ලබන්නේ එරට වැසියන් තුළ හික්මීමකි. සංවරකම චීන අධ්‍යාපනඥයින්ගේ අදහසක් වන්නේ සංස්කෘතියේ අගයන් වටහා ගැනීම තුළ මිනිසුන් තුළින් ඇතිවන හික්මීම සංවර්ධනයට සෘජුවම බලපෑම් ඇති කරන බවයි. මෙය හොඳින්ම ප්‍රත්‍යක්ෂ වන්නේ චීන සංස්කෘතිය සහ සංවර්ධ‍නයේ දිශානතිය විමසීමෙන් බව නීතිඥ සංඛ ප්‍රබුද්ධ මහතා පැවසීය.

සංස්කෘතිය යනු ජාතියේ ප්‍රාණය බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වරක් ප්‍රකාශ කර තිබේ. එම ප්‍රාණය රැක ගැනීම උදෙසා එරට සියලුම ජන කණ්ඩායම් සහය දක්වා ඇත. චීන අනන්‍යතාවෙන් යුත් විවෘත, නවීන, විශ්වීය ලක්ෂණයන්ට මුල් තැන දීමේ ක්‍රමෝපාය හේතු කොට චීනයට විශේෂ වූ නවීකරණ පද්ධතියක් ඔස්සේ ගෝලීය ප්‍රවේශය චීනය උදාකර ගෙන තිබේ. රටක සංස්කෘතික පදනම ශක්තිමත් වන්නේ යම් සේද, ඒ අනුව කටයුතු කරන්නේ යම් සේද එවන් රටක් ජනතා හිතකාමී මෙන්ම සුවිශේෂ රාජ්‍ය ලක්ෂණයන්ගෙන් යුත් රටක් බව අවිවාදයෙන් පිළිගැනීමට හැකි බව නීතිඥ සංඛ ප්‍රබුද්ධ මහතා‍ වැඩිදුරටත් පැවසීය.

වසර 5,000කට වැඩි පැරණි ඉතිහාසයක් ඇති චීනය සංස්කෘතික, සාමය, එකමුතුකම සහ අනෙකාගේ අනන්‍යතාවන්ට ගරුකරන දීප්තිමත් උදාහරණයක් සහිත රටකි. එම සාධනීය ලක්ෂණයන්ගෙන් ගොඩනැඟුණ චීනයේ සාරවත් සාරධර්ම අදටත් එහි විද්‍යාමාන වේ. රටක ප්‍රධානම මෙහෙයුම් පද්ධතිය වන්නේ දේශපාලනය සහ ආර්ථිකයයි. එය ප්‍රෞඩත්වයෙන් යුත් සංස්කෘතියක් මත ගොඩනැ‍ඟේ නම්, සංස්කෘතියේ මූලික හරය කේන්ද්‍ර කර ගනිමින් රටක ආර්ථිකය, දේශපාලනය, සමාජ සුබ සාධනය හසුරවයි නම් එවන් රටක් සංවර්ධනයේ ඉහළ අදියරකට පැමිණෙනු ඇති බව ද ඔහු කියා සිටී.

රටක් ගොඩනැඟීමට ජනතා අභිලාෂයන් තේරුම් ගත යුතුය. චීන නායකයින් අතීතයේ පටන් ජනතා මත විමසුමට සවන් දෙමින් රටේ ඉදිරි සැලසුම් සකස් කර තිබේ. ලෝකයේ වැඩිම සාමාජිකයින් සහිත පක්ෂය වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයයි. එම පක්ෂය ගොඩනැඟීමට ද චීන සංස්කෘතියේ වටිනා හරයන් පාදක වී තිබේ. ලොව වැඩිම සුළු ජාතීන් පිරිසක් ජීවත් වන රට චීනයයි. එසේ නම් විවිධ ජාතීන්ට, විවිධ ආගම් අදහන බැතිමතුන්ට අතිශයින්ම නිදහස් වටපිටාවක් චීන සංස්කෘතිය විසින් උරුම කර දී තිබෙන බව ද නීතිඥ සංඛ ප්‍රබුද්ධ මහතා සඳහන් ක‍ළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම