චීනය සමඟ සබඳතාව සුවිශේෂ වූවක් බව සෙනගල් ජනපති පවසයි
2023-09-11 20:01:27
Share with:

ෂී ජින් පිං මහතාගේ දැක්ම චීනයටත්, ලෝකයටත් පුළුල් මෙන්ම සාධනීය බලපෑමක් එල්ල කරන බව සෙනගල් ජනාධිපති Macky Sall මහතා පවසයි.

චීන මාධ්‍ය සමූහය සමඟ පැවති වි‍ශේෂ සම්මුඛ සාකච්ඡාවක දී හෙතෙම මේ බව පැවසීය. සැබෑ නායකයෙකු විය හැක්කේ, ජනතාවගේ තිරසර සංවර්ධනය සඳහා සැලසුම් සකස් කළ හැකි නායකයෙකුට පමණක් බව Macky Sall මහතා පෙන්වාදෙයි. ෂී ජින් පිං මහතාගේ දැක්ම චීනයටත්, සංවාද ශක්තිමත් කළ යුතු ලෝකයටත් නිසි බලපෑමක් එල්ල කරනු  ඇතැයි ද ඔහු කියාසිටී.  

චීනය සමඟ පවතින සබඳතාව පිළිබඳව අදහස් දක්වමින් සෙනගල් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, තම රටේ නව සැලසුම් රාමුව යටතේ චීනය සමඟ සහයෝගිතාවයෙන් ක්‍රියාවට නංවා ඇති ව්‍යාපෘති සියල්ලම  සාපේක්ෂව කෙටි කාලයක් තුළ නිම කළ හැකි බව යි. අධිවේගී මාර්ග, දැවැන්ත යටිතල පහසුකම්, මල්ලවපොර සඳහා වන ජාතික ක්‍රීඩාංගනය වැනි ක්‍රීඩා යටිතල පහසුකම්, ග්‍රාමීය ජල සංරක්ෂණය සහ නව කර්මාන්ත උද්‍යාන ඊට ඇතුළත් ය. එම ව්‍යාපෘති ඔස්සේ සෙනගාලය නවීන මුහුණුවරක් මෙන්ම නැගී එන සංවර්ධනයක් අත්කර ගනු ඇත. චීනය සමඟ පවතින සුවිශේෂ සබඳතාව පිළිබඳව තමා අතිශය තෘප්තිමත් බව ද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම