සැබෑ බහුපාර්ශ්විකවාදයේ සන්ධිස්ථානගත ජයග්‍රහණයක් තහවුරු කරමින් අප්‍රිකානු සංගමය ජී 20 හා එක්වෙයි
2023-09-11 19:54:58
Share with:

  ජී 20 කණ්ඩායමේ නායක සමුළුව පසුගිය දා නවදිල්ලියේ දී නිමාවට පත්විය. මෙවර සමුළුවේ වැදගත් ප්‍රතිඵලයක් වන්නේ, අප්‍රිකානු සංගමයට, ජී 20 කණ්ඩායමේ නිල සාමාජිකයෙකු ලෙස ආරාධනා කිරීම සඳහා විවිධ පාර්ශ්වයන්ගේ ඒකමතික එකඟතාව පළවීම යි.  දකුණු අප්‍රිකාව පමණක් අප්‍රිකාවේ නියෝජනය දරා සිටීමේ ඉතිහාසය මින් අවසන් විය. එසේම, යුරෝපා සංගමයෙන් අනතුරුව ජී 20 කණ්ඩායමට එක්වූ දෙවැනි කලාපීය සංවිධානය බවට අප්‍රිකානු සංගමය පත් ව තිබේ. මෙය අප්‍රිකානු සංගමය හා අප්‍රිකානු රටවල් දිගුකලක් පුරා දැරූ ප්‍රයත්නයන් හි ප්‍රතිඵලයකි. ලොව සිදු වූ ව්‍යුහාත්මක වෙනස්කම් හා බාහිර බලවේගයන් හි මැදිහත්වීම ද එය ප්‍රවර්ධනය කර ඇත. අප්‍රිකානු ආර්ථිකය ලෝකය සමග මුසුවීමත් සමග ගෝලීය කටයුතු වල දී අප්‍රිකානු රටවල සහභාගිත්වය ද වඩාත් කැපී පෙනේ. 

අප්‍රිකානු සංගමය ජී 20 කණ්ඩායමට එක්වීම පෙළඹවීමේ දී චීනය කේන්ද්‍රීය මෙහෙවරක් ඉටු කළ බව ජාත්‍යන්තර තලයේ පොදු පිළිගැනීම යි. සැබෑ මිත්‍රයෙකු ලෙස සෑමවිටම කලාපීය හා ජාත්‍යන්තර කටයුතුවල දී අප්‍රිකානු රටවල් හා අප්‍රිකානු සංගමය සමග එක්ව, ඉහළ කාර්යභාරයක් ඉටුකිරීමට සහාය වූ චීනය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ ගැටළුව පිළිබඳව අප්‍රිකාවේ අවශ්‍යතාවට ප්‍රමුඛතාව ලබාදීමට ද මුලපුරා තිබේ. අප්‍රිකානු සංගමය, ජී 20 කණ්ඩායමට එක්වීම සඳහා පැහැදිලි මෙන්ම ඍජු සහයෝගය දැක්වූ පළමු රට වන්නේ ද චීනයයි. එම සංගමය ජී 20 කණ්ඩායමේ සාමාජිකත්වය ලබාගැනීම ප්‍රවර්ධනය කරන බව, නොබෝ කලකට පෙර දකුණු අප්‍රිකාවේ පැවති චීන - අප්‍රිකානු නායක සමුළුවේ දී චීනය යළි අවධාරණය කළේය. 

චීනය අප්‍රිකානු සංගමයට එසේ ස්ථිරව සහාය වූයේ, දෙපාර්ශ්වය අතර ස්ථාවර අන්‍යොන්‍ය විශ්වාසයෙන් බැඳී ඇති හවුල්කාරීත්වය නිසාත්, අප්‍රිකාව ජාත්‍යන්තර සාධාරණය හා යුක්තිය සුරැකීමේ තවත් වැදගත් බලවේගයක් වන නිසාත් බව විශේෂඥයෝ පෙන්වා දෙති. අප්‍රිකානු සංගමය ජී 20 කණ්ඩායමට එක්වීම, සැබෑ බහුපාර්ශ්විකවාදයේ ජයග්‍රහණයකි!

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම