චීනයේ රතු කුරුස සංගමයෙන් මොරොක්කෝවට හදිසි මානුෂීය මූල්‍යාධාර
2023-09-10 16:49:46
Share with:

මොරොක්කෝවේ භූ කම්පනයෙන් 2012 දෙනෙකු මියගොස්,  2059 දෙනෙකු තුවාල ලැබූ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කියාසිටී. පසුගිය 8 වැනිදා රාත්‍රියේ සිදු වූ මෙම ව්‍යසනයෙන් බරපතල තුවාල ලැබූ පිරිස 1404 කි.

සිද්ධිය හේතුවෙන්, මොරොක්කෝවේ හයවැනි මොහොමඩ් රජු  රටේ තෙදින ශෝක කාලයක් ඊයේ (9) ප්‍රකාශයට පත්කළේය. එම කාලය තුළ පොදු ස්ථානවල ජාතික කොඩි අඩකුඹු කෙරෙනු ඇත.

මොරොක්කෝවේ මුදාගැනීමේ සහ ආපදා සහන කටයුතුවලට සහාය වීම සඳහා, චීනයේ රතු කුරුස සංගමය, මොරොක්කෝ රතු චන්ද්‍රවංක සංගමයට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 2ක හදිසි මානුෂීය මූල්‍යාධාර ලබා දීමට තීරණය කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම