චීන-බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරුන් අතර හමුවක්
2023-09-10 16:01:36
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Rishi Sunak මහතා හමුවෙයි. ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැත්වෙන G20 නායක සමුළුවට සමගාමීව මෙම හමුව අද (10) පැවැත්විණ.

ලොව ප්‍රධාන ආර්ථික ඒකක දෙකක් වන චීනය හා බ්‍රිතාන්‍යය ස්ථීර මෙන්ම අන්‍යොන්‍ය ප්‍රතිලාභ සහිත සබඳතාව වර්ධනය කර, දෙරටට මෙන්ම හා ලොවට සුබසෙත සැලසිය යුතු බව ලී ච්‍යං මහතා එහිදී පැවසීය. මතභේද නිසි ලෙස පාලනය කරමින්, දෙපාර්ශ්වය එකිනෙකාගේ කේන්ද්‍රීය ප්‍රතිලාභ හා අවශ්‍යතා කෙරෙහි අවධානය දැක්විය යුතු ය. තම රට සමග ප්‍රායෝගික සහයෝගිතා අඛණ්ඩව පුළුල් කරමින්, ගෝලීය තිරසර වර්ධනය උදෙසා බ්‍රිතාන්‍යය දක්වන දායකත්වයට චීනයේ පැසසුම් හිමිවන බව ද චීන අගමැතිවරයා පැවසීය.

චීනයේ ඉතිහාසය හා සංස්කෘතියට ගරු කරන බ්‍රිතාන්‍යය, ජාත්‍යන්තර පටිපාටියේ නිසි පැවැත්ම උදෙසා චීනය දක්වන වැදගත් දායකත්වය අගය කරන බව Rishi Sunak මහතා එහිදී කියාසිටියේය. චීනය සමග අර්ථාන්විත සංවාද පවත්වමින්, තිරසර මෙන්ම අන්‍යොන්‍ය ප්‍රතිලාභ සහිත සබඳතාවක් ගොඩනැගීමට බ්‍රිතාන්‍යය සූදානම් බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම