පාස්කු ප්‍රහාර සිදුවීම ගැන ජනපතිගෙන් තීරණ රැසක්
2023-09-10 17:48:31
Share with:

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සහ එම ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.    

ඒ අනුව, ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට පෙර එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව විසින් ඉදිරිපත් කෙරුණු චෝදනා විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමට ද ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

එමෙන්ම හිටපු නීතිපතිවරයෙකු විසින් පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොළකරුවෙකු සිටින බවට සිදුකර ඇති චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට නියමිත බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම