සෑම පුරවැසියෙකුටම වෛද්‍ය රක්ෂණයක් ලබාදීමට අපේක්ෂා කරන බව ජනපති කියයි
2023-09-10 17:51:14
Share with:

සෞඛ්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශිකයන් මෙරටට ගෙන්වා ගැනීමට නම් වෛද්‍ය සංචාරක ව්‍යාපාරය සහ උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ නැවත අවධානය යොමු කළ යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා කියාසිටී.

ජෝසප් ෆ්‍රේසර් රෝහලේ ශත සංවත්සර සැමරුම් උත්සවයට ඊයේ (08) පස්වරුවේ එක්වෙමින් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළකළේය.  

වෛද්‍යවරුන් වැඩි වශයෙන් නිර්මාණය කිරීමට නම් තවත් වෛද්‍ය පීඨ මෙන්ම විශ්වවිද්‍යාල ද මෙරට ආරම්භ කළ යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා, ශක්තිමත් අනාගතයක් වෙනුවෙන් මෙරට සෞඛ්‍ය සේවා ශ්‍රම බලකාය පරිවර්තනයකට ලක්කරන බවද පෙන්වා දුන්නේය.

එසේම සෑම පුරවැසියෙකුටම යම් වෛද්‍ය රක්ෂණයක් ලබාදීමට අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම