මාලදිවයින් ජනාධිපතිවරණය දෙවැනි වටයට
2023-09-10 19:12:29
Share with:

මාලදිවයින් මැතිවරණ කොමිසමේ ප්‍රතිඵල අනුව, එරට ජනාධිපතිවරණය සඳහා දෙවැනි වටයක් පැවැත්වීමට සිදු ව තිබේ. ඒ අනුව එය සැප්තැම්බර් 30 වැනිදා පැවැත්වෙනු ඇත.  

 මෙවර ජනාධිපතිවරණයට තරග වැදුණු, මාලදිවයින් ප්‍රගතිශීලී පක්ෂය සහ මහජන ජාතික කොංග්‍රසය යන ද්විපක්ෂ සන්ධානයේ අපේක්ෂක Mohamed Muizzu සහ වත්මන් ජනාධිපති Ibrahim Mohamed Solih යන මහත්වරුන් පිළිවෙළින් 46.06% ක් සහ 39.05 % ක් ලබාගනිමින් ඉහළම ඡන්ද ප්‍රමාණ වාර්තා කර ඇත.   

සුදුසුකම් ලත් ඡන්දදායකයන් 282,395 ක් අතරින් ඡන්ද පොළට ගොස් තිබුණේ 225,486 ක පිරිසකි. ඉන් වලංගු ඡන්ද සංඛ්‍යාව 220,651 ක් සහ වලංගු නොවන ඡන්ද සංඛ්‍යාව 4,835 ක් වූ බව මැතිවරණ කොමිසම පවසයි.

මාලදිවයිනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට ජය ලැබීම සඳහා පළමු වටයේ දී 50% කට වැඩි ඡන්ද ප්‍රමාණයක් අවශ්‍ය වේ.  කිසිදු අපේක්ෂකයෙකු එවැනි බහුතරයක් නොලදහොත්, ඉහළම ඡන්ද ලාභී අපේක්ෂකයන් දෙදෙනා දෙවැනි තරගයකට යොමුකෙරෙනු ඇත.

අවශ්‍ය වුවහොත්, ජනාධිපතිවරණයේ  දෙවැනි වටය ලබන සැප්තැම්බර් 30 වැනිදා පැවැත්වෙනු ඇති බව මාලදිවයින් මාධ්‍ය වාර්තාවන් හි දැක්වේ. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම