චීන අගමැති යුරෝපා කොමිසමේ සභාපතිනිය හමුවෙයි
2023-09-10 16:23:19
Share with:

චීන අගමැති Li Qiang මහතා යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය හමුවෙයි.  G20 නායක සමුළුව අතරතුර ඊයේ (9) සවස නවදිල්ලි අගනුවර දී එම හමුව සිදුවිය.

Li Qiang මහතා එහිදී පෙන්වා දුන්නේ, චීනය සහ යුරෝපය තවදුරටත් එක්සත් වී සහයෝගයෙන් කටයුතු කළ යුතු අතර, ලෝක තත්වයේ අවිනිශ්චිතතාව සමනය කිරීම සඳහා චීන-යුරෝපා සංගම් සබඳතාවල ස්ථාවරත්වය භාවිත කළ යුතු බවයි. යුරෝපා සංගමය සමඟ අන්‍යොන්‍ය විශ්වාසය පුළුල් කිරීමට, සන්නිවේදනය සහ උපදේශන මගින් වෙනස්කම් නිසි ලෙස හැසිරවීමට මෙන්ම, ගෝලීය සාමය සහ සංවර්ධනය සඳහා වඩාත් ධනාත්මක දායකත්වයක් ලබා දීමට චීනය සූදානමින් සිටී. චීනයේ සංවර්ධනය සහ විවෘතභාවය, යුරෝපයට සහ ලෝකයට ගෙන එන්නේ අවදානම් නොව අවස්ථා  බව ද Li Qiang මහතා එහිදී අවධාරණය කළේ ය.

Ursula von der Leyen මහත්මිය පෙන්වා දුන්නේ, මෙම වසර ආරම්භයේ සිට යුරෝපා-චීන හුවමාරුව අඛණ්ඩව ශක්තිමත් වී ඇති අතර, ධනාත්මක ප්‍රතිඵල ලබා ඇති බවයි. චීනය සමඟ විවිධ ක්ෂේත්‍රවල සංවාද සහ සහයෝගිතා ශක්තිමත් කිරීමට යුරෝපා සංගමය කැමැත්තෙන් සිටින බව ද ඇය පැවසුවා ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම