“චැනල් 4”චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරයි
2023-09-10 17:52:36
Share with:

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් ඉකුත් දා විකාශය කරන ලද වාර්තා වැඩසටහනෙන් එල්ල කෙරුණු චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවීම සහ බෝම්බකරුවන්ට සහය වීම යන චෝදනාව වසර 36 ක් පුරා රට වෙනුවෙන් සේවයට කැපවූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුට එරෙහිව එල්ලකිරීම තරයේ හෙළාදකින බව ආමාත්‍යාංශය නිකුත් කළ එම නිල නිවේදනයේ දැක්වෙයි.

චැනල් 4 නාලිකාව එල්ල කරන  සාහසික චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, එවැනි ද්වේෂසහගත සහ තහවුරු නොකළ ආඛ්‍යානයක් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් එම නාලිකාව වෙත තම බලවත් අප්‍රසාදය ප්‍රකාශ කරන බව ද ආරක්ෂක අමාත්‍යංශය පවසා ඇත. එසේම, එවැනි පදනම් විරහිත සහ දුර්වල ලෙස සනාථ කරන ලද ප්‍රකාශවලින් පැන නගින ඕනෑ ම අනපේක්ෂිත ක්‍රියා  හෝ ප්‍රතිවිපාක සඳහා එම නාලිකාව නිසැකව ම වගකිව යුතු බව ද ආරක්ෂක අමාත්‍යාංශය තරයේ කියාසිටී.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව, බලයට පත් ශ්‍රී ලංකා රජයන් සත්‍යය හෙළිදරව් කිරීම සඳහා නොසැලෙන කැපවීමක් පෙන්නුම් කර ඇත. දේශීය මෙන්ම ජාත්‍යන්තර වෘත්තීය ආයතන විසින් මේ සබැඳිව පවත්වනු ලබන විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණ සඳහා පහසුකම් සලසා ඇතැයි ද අමාත්‍යාංශ නිවේදනයේ දැක්වෙයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම