G20 නායක සමුළුව අවසන් වෙයි
2023-09-10 19:05:50
Share with:

G20 නායකයන්ගේ 18 වැනි සමුළුව නිමාවට පත්වෙයි. මෙවර ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවති එය අද (10) අවසන් විය.

දෙදින සමුළුව අවසානයේ G20 නායකයන්ගේ නවදිල්ලි ප්‍රකාශය සම්මත කෙරිණ. ජාත්‍යන්තර ආර්ථික සහයෝගිතා ප්‍රධාන සාකච්ඡා සභාව ලෙස G20 නායක සමුළුවේ ප්‍රතිඥාව එම ප්‍රකාශයෙන් යළි තහවුරු කෙරේ.

ඉදිරියේ දී බහුපාර්ශ්විකවාදී දැක්ම ඔස්සේ G20 සියලු සාමාජික රටවල්, නායක සමුළුව ඇතුළු සමස්ත හමුවීම්වල දී එක්වෙමින් ගෝලීය අභියෝග උදෙසා සක්‍රීය  ප්‍රතිචාර දක්වන බව එම ප්‍රකාශයේ සඳහන් වේ.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම