මොරොක්කෝවේ භූමිකම්පාවෙන් පුද්ගලයින් 822 ක් ජීවිතක්ෂයට
2023-09-09 17:07:26
Share with:

මොරොක්කෝවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අද(9) ප්‍රකාශ කළේ, ඊයේ(8) රාත්‍රියේ එරට තුළ ඇති වූ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 822 දෙනෙකු මිය ගොස් 672 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.  ඉන් 205 දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.

ඊයේ(8) පස්වරු 23.11ට පමණ මෙම භූමිකම්පාව සිදුව ඇති අතර, භූ කම්පන අපකේන්ද්‍රය මධ්‍යම මොරොක්කෝ Al Haouz ප්‍රදේශයේ ස්ථානගත වී ඇත. මොරොක්කෝවේ Rabat අගනුවරට සහ තවත් බොහෝ නගරවලට මෙම භූ කම්පන තත්ත්වය දැනී ඇති බව වාර්තා කෙරේ.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම