ආණ්ඩු වෙනස් වුවද, ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වාගත යුතු බව ජනපති පවසයි
2023-09-09 19:20:49
Share with:

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට අදාළ කෙටුම්පත් මෙම වසර අවසන් වීමට පෙර සකස් කරන ලෙස තමා අදාළ අමාත්‍යවරුන්ට උපදෙස් දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ආණ්ඩු වෙනස් වුවද, ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බවත් කලින් කලට වෙනස්වන ප්‍රතිපත්ති සමග කිසිවිටක රටක් දියුණුව කරා ගෙන යා නොහැකි බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ(09) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ජාතික ඇගයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව එළිදැක්වීමේ උත්සවයට එක් වෙමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම