ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත් කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
2023-09-09 19:19:58
Share with:

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ සැලසුම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් ගෝලීය පුරවැසියන් නිර්මාණය කිරීමට හැකි පරිසරයක් සකස් කළ යුතු බවත්, සිසුන්ට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට මෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වීමට ශිෂ්‍යත්ව ලබා දිය යුතු බවත් හෙතෙම පැවසීය. එමෙන්ම රැකියා ඉලක්ක කරගත් පාඨමාලා හැදෑරීමට සිසුන් උනන්දු කරවීමේ වැඩපිලිවෙළක් ද ඇරඹිය යුතු බව අමාත්‍යවරයා කියාසිටියේය.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම