සංචාරක පැමිණීමේ ඉහළ වර්ධනයක්
2023-09-09 19:21:43
Share with:

2023 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 927,214 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත්කරමින් සඳහන් කර සිටී‍. 2023 මුල් දින 06 තුළ 22,896 ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර පසුගිය අගෝස්තු මාසයේ දී 136,405 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබුණි.

එමෙන්ම සැප්තැම්බර් මුල් දින 06 තුළ පැමිණි සංචාරකයින්ගෙන් 27%ක්ම ඉන්දියානු සංචාරකයින් ලෙසින් සටහන් වන අතර එම ප්‍රමාණය 6,188 ක් බව එම වාර්තාවේ දැක්වේ.

මේ අතර අගෝස්තු මාසයේ විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 499.2ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත. එය 2022 වර්ෂයේ එම කාලයට සාපේක්ෂ ව සියයට 74.4ක වර්ධනයකි

එමෙන්ම සැප්තැම්බර් මස මුල වන විට 2023 වසර තුළ විදෙස් රැකියා සඳහා ලියාපදිංචි වී ඇති සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ද ඉක්මවා ගොස් තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම