BRICS රටවල් සමග කටයුතු කිරීම ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් වැදගත් බව මහ බැංකු නිළධාරීන් පවසයි
2023-09-08 17:07:26
Share with:

BRICS රටවල් සමග කටයුතු කිරීම ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් වැදගත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිළධාරීන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පවසයි.

2022 වසරේ මෙරට අපනයන වලින් 10.3% ක් සහ ආනයනයන්ගෙන් 47.3% ම සිදු කර ඇත්තේ බ්‍රික්ස් රටවලින් බවත් එහෙයින් BRICS රටවල් සමග කටයුතු කිරීම ඉතා ඵලදායී බව වනු ඇති බව ද එහිදී සඳහන් වී ඇත.

එමෙන්ම විදේශ තානාපති කාර්යාලවල පවතින සේවක පුරප්පාඩු වෙනුවෙන් විදේශයන්හි ඉගෙනුම ලබන මෙරට සිසුන් ඇතුළු විදේශ සිසුන් , ස්වේච්ඡා සේවකයින් ලෙස බඳවා ගැනීම පිළිබඳ අවධානය යොමු කරන ලෙසද සභාපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම