නිල සංචිත වත්කම්වල පහත වැටීමක්
2023-09-08 17:06:31
Share with:

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය අගෝස්තු මාසයේ සුළු වශයෙන් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

ඒ අනුව මෙරට නිල සංචිත වත්කම් 2023 ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 සිට 2023 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598ක් දක්වා 4.4%කින් අඩුවී ඇත.

වත්මන් නිල සංචිත වත්කම්වලට චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ සපයා ඇති ඩොලර් බිලියන 1.4ක මූල්‍ය පහසුකමද ඇතුළත් බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම