චීන ඉතිහාසයෙන් පෝෂණය වී ලෝකයට දායාද කෙරුණු දෑ බොහෝයි
2023-09-08 16:06:01
Share with:

චීනයේ දිගු ඉතිහාසයෙන් පෝෂණය වී ලෝකයට දායාද කෙරුණු බොහෝ දෑ පවතින බව කැළණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහචාර්ය නදීශා එස් ගුණවර්ධන මහත්මිය  පවසයි.

පුරාවිද්‍යාත්මක සාදක මගින් සනාථ කළ හැකි ඉතිහාසයේ සිටම චීනයේ නව නිපැයුම් රාශියක් පිළිබඳ තොරතුරු අණාවරණය වෙයි. ඉන් අතීතයේ සිටම චීනය ලෝකයේ සුබ සෙත වෙනුවෙන් සිය දායකත්වය ලබා දීමේ අභිලාෂය මනවා පැහැදිලි වෙයි. චීන ශිෂ්ටාචාරයේ ඉතිහාසය ගැඹුරු ලෙස අධ්‍යයනය කිරීමෙන් චීනයේ විශිෂ්ට සාම්ප්‍රදායික සංස්කෘතියේ සංවර්ධනය ම‍නාව වටහා ගත හැකිය. චීන සංස්කෘතික ලක්ෂණයන් තුළ ඉතා දිගු කාලීනව දැක ගැනීමට හැකි සුවිශේෂී කරුණ නම් අනන්‍ය සංස්කෘතික වටිනාකම් නොනැසී පැවතීමය. එය චීන සංස්කෘතියේ වඩාත් අමිශ්‍ර ස්වභාවයකට හේතුවී ඇතැයි ද ඇය කියා සිටී. චීනයේ ‍නූතන සංකල්පයන් ‍තුළ ද මෙම සංස්කෘතික වටිනාකම් දැක ගත හැකිය. හැකි උපරිමයෙන් ආවේණික ස්වාභාවයකින් ඉදිරියට යාමේ ගුණාංගය ඉන් මනාව පැහිදිලි වන බවද මහාචාර්යවරිය පෙන්වා දෙයි. විශේෂයෙන් සාමූහිකත්වය චීන සංස්කෘතිය තුළ පොදු ලක්ෂණයකි. එය ගෝලීය වශයෙන් ද ඉතා වැදගත් සංකල්පයක් වන අතර ඉන් පොදු අභියෝගයන්ට එක්ව මුහුණ දිය යුතුය යන චීනයේ අපේක්ෂාවන්ට ශක්තිමක් අඩිතාලමක් වන බවද මහචාර්ය නදීශා එස් ගුණවර්ධන මහත්මිය සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම