චීනය යනු ආසියානු කලාපය තුළ සංස්කෘතික බල අඩවියක්-සොනාල ගුණවර්ධන
2023-09-08 16:31:53
Share with:

චීන මහජන සමූහාණ්ඩුව යනු, බිලියන1.4 ට වැඩි ජනතාවක් වෙසෙන, ලොව දැවැන්ත ජනාකීර්ණ රාජ්‍යයයි. නැගෙනහිර ආසියාවෙහි පිහිටි චීනය, චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පාලනය කරනු ලබන තනි-පක්ෂ රාජ්‍යයකි. රටේ නම, චීනය යන්නෙහි තේරුම “මධ්‍යස්ථානයේ රට”හෝ “ලෝකයේ මධ්‍යයේ රට” යන්නයි. එහි සංස්කෘතියේ වසර 5,000 කට වැඩි ඉතිහාසයක් ආවරණය වන වාර්තා තිබෙන බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සොනාල ගුණවර්ධන මහතා පැවසීය.

චීනය යනු අති විශාල භූමි ප්‍රදේශයක් සහිත, වසර දහස් ගණනක් පැරණි ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන විදේශිකයන් ගේ නොමඳ ආකර්ෂණයට බඳුන් වන ආසියාතික රටකි. සංස්කෘතිය සහ සම්ප්‍රදායයන් රටක අනන්‍යතාවයි. චීන සංස්කෘතිය වනාහී දැවැන්ත විවිධත්වයක් විදහාපාන දේශයකි.

එම චීන සංස්කෘතිය, චීනයේ වර්ධනය වන සිරිත් විරිත්, විශ්වාසයන්, සම්ප්‍රදායන් සහ කලාත්මක ප්‍රකාශන සමූහයන් තුළ ගොඩනැගී තිබේ. මෙම ආසියානු රට ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රටක් වන අතර ජනවාර්ගික හා භාෂාවන්හි විශාල විවිධත්වයක් ඇත. චීන සංස්කෘතිය ලෝකයේ පැරණිතම එකක් ලෙස සැලකේ. ඔවුන්ගේ සම්ප්‍රදායන්, සිරිත් විරිත් සහ සිතුවිලි බොහොමයක් වසර 5000 කට වැඩි කාලයක් තිස්සේ ලේඛනගත කර තිබේ. කඩදාසි, වෙඩි බෙහෙත් වැනි මහා නිපැයුම්වල ආරම්භය සහ මහා ප්‍රාකාරය වැනි මහා ඉදිකිරීම් එහි පෞඩත්වය විදහාපාන බව ද සොනාල ගුණවර්ධන මහතා කියා සිටී.

චීන සංස්කෘතියේ ප්‍රධාන සංස්කෘතිකාංග අතර එහි සංගීතය, දර්ශනය හෝ කලාව ඇතුළත් වේ. රට තුළ වෙසෙන විවිධ ජනවාර්ගික කණ්ඩායම්වල දායකත්වයට අමතරව, මෙම සංස්කෘතිය ආසියාවේ වෙනත් ප්‍රදේශවලින් ද බුද්ධාගම අනුගමනය කළ ස්ථානවලින් ද බලපෑම් ලබා ගත් අතර අද එහි දීර්ඝ ඉතිහාසය තුළ දක්නට ලැබුණු බොහෝ සම්ප්‍රදායන් තවමත් පවත්වාගෙන යන බව පෙනෙන්නට ඇතැයි ගුණවර්ධන මහතා සඳහන් කළේය.

වසර 5000 ක් තරම් පැරණි චීන ජනතා උරුමයන් ඒකරාශි කරගැනීම, චීන ලක්ෂණ සහිත සමාජවාදය, කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යනාදි කරුණු රැසක් කේන්ද්‍ර කරගෙන චීන රට ලෝකයේ බලවතකු බවට පත්වෙමින් සිටී. එය දැන් ඉහළ මට්ටමේ නවීන සමාජවාදී රටකි. එහි ඉහළ බලයක්, පැහැදිලි දේශපාලනයක් මෙන් ම ස්ථාවර සමාජයක් ද තිබේ. සංස්කෘතික සමෘද්ධිය ද අගනා ය. බොහෝ විද්වතුන් පෙන්වා දෙන පරිදි චීනය මෙම නව සංවර්ධන ප්‍රගමනය අත්පත් කදරගෙන ඇත්තේ චීන රජයේත්, ජනතාවගේත් ස්වයං සමූච්චගත වීමේ ප්‍රතිඵලයක් හැටියට බව සොනාල ගුණවර්ධන මහතා පැවසීය.

චීනය යනු ආසියානු කලාපය තුළ එක්තරා සංස්කෘතික බල අඩවියකි. අතීතයේ සිටම ස්වකීය භාෂාව, ආගම, සම්ප්‍රදායයන් ආදිය ඒකරාශී වූ සංස්කෘතිය ආසියාවේ අනිකුත් රාජ්‍යයන් කෙරෙහි ද සම්ප්‍රේෂණය වී තිබේ. වර්තමාන ලෝක ක්‍රියාකාරීත්වය දෙස අවධානය යොමු කිරීමෙන් එදා ඇති වූ එම සංස්කෘතික විප්ලවය කෙතරම් පුළුල් පරාසයක අද වන විට ව්‍යාප්තව පවතින්නේද යන්න තේරුම් ගැනීම අපහසු නැති බව ‍හෙතෙම කියා සිටී.

1949 සිට මේ දක්වා ගොඩනැගුණු පුණර්ජීවන ගුණාංග හමුවේ චීනය මේ වනවිට සමාජ, ආර්ථීක, දේශපාලන මෙන්ම සංස්කෘතිකම ය ආදී වශයෙන් සමබර සංවර්ධනයක් කරා ගමන් කරමින් සිටී. ගෝලීය පාරිසරික ගැටළු පිලිබඳව අවධානය යොමු කරමින් ඊට විසඳුම් සෙවීම උදෙසා චීනය තුළ හරිත බලශක්තිය කෙරෙහි යොමු වීමේ ප්‍රවණතාවය ද පෙනේ. චීනයේ අභිවර්ධනාත්මක පසුතලය මත මේ වන විට චීනය දෙස මිතුරු හා සතුරු ආකාරයට ලෝකයේ විවිධ රටවල් හා පාර්ශව අවධානය යොමුකරන්නට පටන්ගෙන තිබෙන බව ද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සොනාල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම