ජී-20 නායක සමුළුව වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය නිෂ්පාදනය කළ වැඩසටහන් ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ ඉහළ ඇගයීමට
2023-09-08 20:28:52
Share with:

 

එළඹෙන ජී-20 නායක සමුළුව වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය නිෂ්පාදනය කළ විශේෂ වැඩසටහන් ඉන්දීය රූපවාහිනි නාලිකාවකින් විකාශය කෙරේ.

 ජී-20 කණ්ඩායමේ 18වැනි නායක සමුළුව එළඹෙන 9 සහ 10 යන දෙදින ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ය. එම සමුළුව නිමිති කරගෙන චීන මාධ්‍ය සමූහයේ හින්දි භාෂා අංශය නිෂ්පාදනය කළ විශේෂ වැඩසටහන් 3ක් ඉන්දියාවේ NEWS 27 යන ප්‍රධාන රූපවාහිනි නාලිකාවක් මගින් විකාශය කෙරිණ. එම වැඩසටහන් මෙවර ජී-20 නායක සමුළුවේ ප්‍රධාන තේමා පදනම් කරගෙන නිර්මාණය වී ඇත. චීන-ඉන්දීය සාම්ප්‍රදායික සංස්කෘතීන් තුළ ගැබ්ව ඇති ඥානය, චීන ලක්ෂණවලින් යුත් නවීකරණය සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ චින්තනය යනාදී කරුණු පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයකින් එය සමන්විත වේ. එම වැඩසටහන් ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ ඉහළ ඇගයීමට ද ලක්ව ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම