බ්‍රිතාන්‍යයේ න්‍යෂ්ටික අවි යළි ස්ථානගත කිරීමට ඇමරිකාව සූදානම් වන බවට උපකල්පනයක්
2023-09-07 10:30:45
Share with:

ඇමරිකාව විසින් යළිත් බ්‍රිතාන්‍යයේ උපායමාර්ගික න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීමේ සූදානමක් පවතින බවට අනුමාන කළ හැකි බව බ්‍රිතාන්‍ය The Guardian පුවත්පත වාර්තා කරයි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Maria Zakharova මහත්මිය පසුගිය 5 වෙනිදා කියාසිටියේ, ඇමරිකානු න්‍යෂ්ටික අවි නැවත බ්‍රිතාන්‍යයට යැවීමට අදාළ ඕනෑම ක්‍රියාවක් කලාපීය ආරක්ෂාව විනාශ කිරීමක් ලෙස රුසියාව සලකන බව යි.  තම රටේ ආරක්ෂාව සහතික කිරීම සඳහා එවැනි ක්‍රියාවන් කෙරෙහි රුසියාව ප්‍රතිපියවර ගන්නා බව ද ඇය පැවසුවාය.

මෑත වසරවලදී, ඇමරිකාව ප්‍රමුඛ නේටෝව අඛණ්ඩව ඊනියා "ඒකාබද්ධ න්‍යෂ්ටික මෙහෙයුම"  මගින් රුසියාවට එරෙහි න්‍යෂ්ටික අවි ප්‍රහාර දියත් කිරීමේ පුහුණුවට න්‍යෂ්ටික නොවන රටවල් සම්බන්ධ කරගෙන ඇති බව ද Zakharova මහත්මිය පෙන්වා දුන්නාය.

එසේම, The Guardian පුවත්පත් වාර්තාවේ සඳහන් කරුණු බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයා විසින් පිළිගෙන හෝ ප්‍රතික්ෂේප කර නොමැති බව ද වාර්තා වෙයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම