චීන-ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරු අතර හමුවක්
2023-09-07 16:45:01
Share with:

ජකර්තා නුවර පැවැත්වෙන නැගෙනහිර ආසියා සහයෝගිතාව තේමා කරගත් නායක සමුළු රැසකට එක් වන චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා අද (7) එහිදී  ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය Anthony Albanese මහතා  හමුවිය.

යහපත් මෙන්ම ස්ථීර චීන-ඔස්ට්‍රේලියා සබඳතාව දෙරටේ ජනතාවගේ මූලික ප්‍රතිලාභ හා පොදු අපේක්ෂාවන්ට ගැළපෙන බව ලී ච්‍යං මහතා එහිදී පැවසීය. ඔස්ට්‍රේලියාව සමග විවිධ ක්ෂේත්‍ර වල හුවමාරු යළි පැවැත්වීම කඩිනම් කිරීමට ද චීනය කැමැත්තෙන් සිටී. අන්‍යෝන්‍ය ගරු කිරීම, වෙනස්කම් පිළිගැනීම, අන්‍යෝන්‍ය වාසි සහගත බව හා පොදු ජයග්‍රහණ යන සංකල්පයෙන් යුතුව මතභේද මනා ලෙස පාලනය කරමින් දෙරටේ සබඳතාව තවදුරටත් වර්ධනය කිරීමට දෙපාර්ශ්වය කටයුතු කළ යුතු බව ලී ච්‍යං මහතා කියාසිටියේය.

එමෙන්ම දෙරටේ ශක්තිමත් සබඳතාව ඉතා වැදගත් බව පැවසූ  Anthony Albanese මහතා මෙම සබඳතාව මගින් ලබා ගත් ප්‍රගතිය ඔස්ට්‍රේලියාව දිරිගන්වනු ඇති බව ද ප්‍රකාශ කළේය. චීනය සමග ජාත්‍යන්තර කටයුතු වල සහයෝගිතා හා සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් දේශගුණ විපර්යාසය ඇතුළු ගෝලීය අභියෝග වලට ‍ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වීමට ඔස්ට්‍රේලියාව කැමැත්තෙන් සිටින බව ද හෙතෙම අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම