බියගම උදාහරණයක් ලෙස ගෙන රටම ආයෝජන කලාපයක් බවට පත් කරන බව ජනපති පවසයි
2023-09-07 16:31:00
Share with:

බියගම නිදහස් වෙළඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කර්මාන්ත කලාප නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පවසයි. ඊයේ (06) මල්වාන අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය

ඉදිරි වසර 15-20 කාලය තුළ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ඒ සමග ආරම්භ කරන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

දැනටමත් කර්මාන්තපුර ඇති කිරීම සඳහා බිංගිරිය, හම්බන්තොට, නුවර, ත්‍රිකුණාමලය සහ උතුරු පළාතේ ද ප්‍රදේශ කිහිපයක් හඳුනාගෙන තිබෙන අතර එම කටයුතු කඩිනම් කරන බවත් ඒ සමග එම සියලු ප්‍රදේශ වාණිජ නගර ලෙස ගොඩනගන බවත් ජනාධිපතිවරයා කියාසිටියේය.

නව ආයෝජන කලාප ඇති කරමින් රටේ ආර්ථිකය සවිමත් කිරීමට කටයුතු කරන අතරම අනාගත තරුණ පරපුරට රැකියා අවස්ථා විවර කරදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම