විදේශ ව්‍යවසායන්ට චීනය කෙරෙහි පවතින විශ්වාසය මනාව තහවුරු කළ 2023 - චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය
2023-09-07 11:14:26
Share with:

2023 - චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය බෙයිජිං අගනුවර දී ඊයේ (06) නිමාවට පත්විය. රටවල් හා ජගත් සංවිධාන 83ක් රජය හෝ අදාළ මූලස්ථානය නියෝජනය කරමින් ප්‍රදර්ශනයට එක් ව සීටීම කැපීපෙනෙන කරුණක් විය. නරඹන්නන් දෙලක්ෂ අසූදහසක පමණ  පිරිසක් ද ඊට  එක්වූහ. එසේ ම, නව වෙළඳ ගිවිසුම් හා එකඟතා ඇතුළු විවිධ ප්‍රගතීන් 1100කට වැඩි ප්‍රමාණයක් මෙහිදී වාර්තා වීම ද විශේෂත්වයකි. සැබැවින්ම මෙම සාධනීය තත්ත්වය තුළ, චීන ආර්ථිකය අපකීර්තියට පත් කරන ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල ඇතැමුන් වෙත රැගෙන එන ප්‍රබල පණිවිඩයක් අන්තර්ගත ව තිබේ. නිදසුනක් ලෙස, මෙවර ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත රට වන බ්‍රිතාන්‍යය වසර 4 ක් තුළ, එරට විශාලතම නියෝජිත පිරිස මෙවර ප්‍රදර්ශනයට සහභාගි කරවීම කැපීපෙනේ. ව්‍යවසායන් හා ආයතන 60 කට වැඩි සංඛ්‍යාවක් ඊට ඇතුළත් ය.

මේ අතර, බ්‍රිතාන්‍ය නියෝජිතයෙකු පවසා තිබුණේ ‘චීනය ජගත් ප්‍රජාවෙන් වෙන් ව සිටින’ බවට කෙරෙන ඊනියා කියමන කිසිදු ආකාරයකින් විශ්වාස නොකරන බව යි. එසේ ම, ඇමරිකානු සමාගම් ද සක්‍රිය ලෙස මෙවර ප්‍රදර්ශනයට සහභාගි වීම සුවිශේෂ කරුණකි. ඉකුත් ජූලි මාසයේ ඇමරිකානු චිප් සමාගම් රැසක උසස් පෙළේ නිලධාරීන් පිරිසක් ද, ඇමරිකානු රජය විසින් චීනයට එරෙහිව චිප් අපනයන සීමා පැනවීම පිළිබඳව සාමූහික විරෝධතා පළ කර තිබිණ.

කෙසේවෙතත් චීනය තම විවෘත භාවය අඛණ්ඩ ව පුළුල් කරමින් සිටී. විදේශ ව්‍යවසායන්ට චීනය තුළ වෙළඳ කටයුතුවල නිරත වීම සඳහා බලපාන ආත්ම විශ්වාසය ද ඉන් තහවුරු වී තිබේ. මේ වනවිට, චීන වෙළඳපොළේ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා ඇතුළු වීමට අවශ්‍ය මූලික අවසරය ද විදේශ ව්‍යවසායන්ට ලබා දී ඇත. එසේම චීන ආර්ථික සංවර්ධනයේ නව එන්ජිමක් වන සේවා වෙළඳාම සඳහා ද පූර්ණ වශයෙන් හා ක්‍රමික ව චීනය අවසර ලබාදෙමින් සිටී.

මෙම වසර තුළ, චීන ආර්ථිකය අඛණ්ඩ ව ප්‍රකෘතිමත් වෙමින් පවතී. ලෝක බැංකුව, ආර්ථික සහයෝගිතා හා සංවර්ධන සංවිධානය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙන් වෙන් ව පුරෝකථනය කර ඇත්තේ මෙම වසරේ චීන ආර්ථිකය 5.6%, 5.4% හා 5.2% යන අගයයන්ගෙන් වර්ධනය වනු ඇති බවයි. නුදුරු අනාගතයේ, චීනය ගෝලීය සංවර්ධනයේ ප්‍රධාන ගාමක බලය බවට පත්වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම