චීන අග්‍රාමාත්‍යවරයා 26 වන ආසියාන් රටවල් හා චීන- ජපාන -දකුණු කොරියා නායකයින්ගේ සමුළුව අමතයි
2023-09-07 11:14:36
Share with:

26 වන ආසියාන් රටවල් හා චීන- ජපාන -දකුණු කොරියා නායකයින්ගේ සමුළුවට චීන අග්‍රාමාත්‍යවරයා එක්වේ. 

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා 26 වන ආසියාන් රටවල් 10 හා චීනය, ජපානය හා දකුණු කොරියාව අතර පැවැත්වෙන 10 ප්ලස් 3 නායක සමුළුව ඇමතීය.එම සමුළුව ඊයේ (6) ඉන්දුනීසියාවේ ජකර්තා හිදී පැවැත්විණ.

ගතවූ වසර 20ක කාලයක් තුළ ආසියාන් රටවල් 10 හා චීනය, ජපානය හා දකුණු කොරියාව අතර පැවැත්වෙන 10 ප්ලස් 3 සහයෝගතා ක්‍රියාදාමය විවිධ අර්බදුකාරී අවස්ථාවලදී  ප්‍රාදේශීය සංවර්ධනය හා සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළ බවදLi Qiang මහතා පැවසීය.

සංවර්ධනය ,ප්‍රාදේශීය සහයෝගීතාවේ ප්‍රමුඛ ස්ථානයක පැවතිය යුතු ය. ඒ ඒ පර්ශ්වයන් සමඟ නව වටයේ  10 ප්ලස් 3 සහයෝගතා සැලසුම ක්‍රියාත්මක කිරීම ප්‍රයෝජනයට ගනිමින් ආර්ථික සංවර්ධන මධ්‍යස්ථානයක් පොදුවේ ගොඩනැගීම සඳහා කරුණු තුනක් ක්‍රියාත්මක කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම සඳහන් කළේය. 

පළමුව, ප්‍රාදේශීය ආර්ථීක ඒකීකරණය අඛණ්ඩව වර්ධනය කළ යුතුය. චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපය පළමු කණ්ඩායමේ නව සාමාජිකයෙක් ලෙස එම ගිවිසුමට එක් වීමට ඒ ඒ පාර්ශවයන්ගේ සහාය හිමිවනු ඇතැයි චීනය අපේක්ෂා කරයි. දෙවැන්න කලාපීය කාර්මික ශ්‍රම බෙදීම සහ සම්බන්ධීකරණය තවදුරටත් ගැඹුරු කිරීමය.තෙවැන්න‍ විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනවල නායකත්වය අඛණ්ඩව ශක්තිමත් කිරීමය.

ඊට අමතරව, එම සමුළුවේදී "විදුලි වාහන පරිසර පද්ධතිය සංවර්ධනය කිරීම පිළිබඳ 10+3 නායකයින්ගේ ඒකාබද්ධ ප්‍රකාශය" සම්මත  කෙරිණ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම