සිය ශිෂ්ටාචාරයේ වටිනාකම් සුරක්ෂිත කිරීමට චීන ජනාධිපතිවරයාගේ සහ ජනතාවගේ ඇති කැපවීම ප්‍රශංසනීයයි
2023-09-07 15:06:42
Share with:

ඕනෑම රටකට සිය සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී ඒ ඒ රටට අනන්‍ය වූ සංස්කෘතික සභ්‍යත්වය, ‍ඓතිහාසික වටිනාකම් මෙන්ම පාරිසරික සාධක පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. වර්තමාන ලෝකයේ බොහෝ රටවල් සංවර්ධනය වෙත ප‍්‍රවේශ වීමේදී මෙවැනි දේශීය උරුමයන් පිළිබඳ දක්වන්නේ අඩු සැලකිල්ලකි. නමුත් වසර පන්දහසකට වඩා වැඩි ශිෂ්ටාචාරයකින් පැවත එන චීනය වර්තමානයේ ඩිජිටල් යුගයකට අවතීර්ණ වුවද, සිය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වයක් ලබාදෙයි. එහිදී සංස්කෘතික උරුම සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ කැපවීම වි‍ශේෂයෙන්ම අගය කළ යුතු බව සම්මානලාභී මාධ්‍යවේදී දුෂාන්ත දර්ශන රණසිංහ මහතා පවසයි.

එමෙන්ම චීනයේ උසස් සාම්ප්‍රදායික සංස්කෘතියේ සුරක්ෂිත බව, උරුමය හා එහි නිර්මාණශීලිත්වයෙන් යුතු සංවර්ධනයට ද චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ අවධානයක් යොමු කර ඇත. චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ චීන ශිෂ්ටාචාරය, චීන ජාතිකයින්ගේ පදනම හා ආත්මය බවත්, ඉන් චීන ජාතිකයින්ගේ ශක්තිමත් මානසික අ‍භිලාෂයන් හා අනන්‍ය ජීවගුණය ඉස්මතු වන බවයි. වර්තමාන සංවර්ධන වැඩපිළිවෙළට සමගාමීව රටක රාජ්‍ය නායකයකු මෙවැනි අංශ කෙරෙහි අවධානය යොමු කිරීම අගය කළ යුත්තක් බව ද හෙතෙම කියාසිටී.

විවෘතභාවය, සහයෝගිතාව සහ නිර්මාණශීලිත්වය අනුගමනය කරමින් චීන ශිෂ්ටාචාරයේ හරයන් නොනැසී පවත්වා ගත යුතුව ඇත. එසේම අන්‍ය සංස්කෘතීන්ට ගරු කරමින් සිය ශිෂ්ටාචාරයන් සුරක්ෂිත කිරීම ද රටකට ඉතා වැදගත් වේ. චීන ජනාධිපතිවරයා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ඔස්සේ විග්‍රහ කරනුයේ ද එවැන්නකි. සිය අනන්‍යතාවය, ඒකීයභාවය සහ සාමුහිකත්වය  ආරක්ෂා කරමින් මාධ්‍ය ඇතුළු සියලු අංශ මනාව හසුරවමින් චීනය ගෙන යන වැඩපිළිවෙළ ඉතා සුවිශේෂ වේ. එමෙන්ම සිය ඓතිහාසික වටිනාකම් ආරක්ෂා කරමින් තිරසර සංවර්ධනයක් වෙත ප්‍රවේශ වීමේ වැදගත්කම චීනය සෑමවිටම හඳුනා ගෙන ඇති බව මාධ්‍යවේදී දුෂාන්ත දර්ශන රණසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම