ජපානයේ ඔකිනාවා කෝරළයේ ආණ්ඩුකාරවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ජපානයේ ස්ථාන ගත ඇමරිකා හමුදාව හෙළා දැකීමට සූදානම් වෙයි
2023-09-07 09:40:56
Share with:

ජපානයේ ස්ථානගත ඇමරිකා හමුදාව හෙළා දැකීම සඳහා ජපානයේ ඔකිනාවා කෝරළයේ ආණ්ඩුකාර Denny Tamaki මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යාමට සූදානම් වෙයි. ඒ පිළිබඳව ජපාන පාලක පක්ෂය වන නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඊයේ (6) සිය  නොසතුටය ප්‍රකාශ කළ බව ජපාන මාධ්‍ය වාර්තා කර තිබේ.

එම කවුන්සිලය අමතමින් ඇමරිකා හමුදාව ඔකිනාවා වැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරන බවට චෝදනා කිරීම සඳහා Denny Tamaki මහතා ‍මේ මස ජිනීවා වෙත යෑමට නියමිතය. ඇමරිකා හමුදාව එහි ස්ථානගතව සිටීමෙන් ඔකිනාවා වැසියන්ට ගෙන දී  ඇති  පීඩනය අඩු කිරීම සඳහා, ඔකිනාවා වැසියන්ගේ ඉල්ලීමට සහාය වන ලෙසට Denny Tamaki මහතා එහිදී ජාත්‍යන්තර ප්‍රජාවෙන්  ඉල්ලා සිටිනු ඇත.

මේ අතර, ජපාන නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නිලධාරීහූ ඊයේ (6) Denny Tamaki මහතා හමු වූහ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සංයමයෙන් අදහස් දක්වන ලෙසත්, ඇමරිකා හමුදා කඳවුර මානව හිමිකම් ගැටළු සමඟ සම්බන්ධ නොකරන ලෙසත් එම නිලධාරීන් Denny Tamaki මහතාගෙන් ඉල්ලීමක් කළ  බව වාර්තා වෙයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම