චීන හා කාම්බෝජ අග්‍රාමත්‍යවරුන් අතර හමුවක්
2023-09-07 11:04:44
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා කාම්බෝජ අග්‍රාමාත්‍ය Hun Manet මහතා හමුවෙයි. එම හමුව ඊයේ (6) පස්වරුවේ  Li Qiang මහතා ජකර්තා හි නැගෙනහිර ආසියා සහයෝගීතාව පිළිබඳ නායක සමුළු මාලාවකට සහභාගී වෙමින් සිටින කාලය අතරතුර සිදුව තිබේ.

චීන-කාම්බෝජ සබඳතා ජාත්‍යන්තර විචල්‍යතාවයන්ට ඔරොත්තු දී නව ආකාරයේ ජාත්‍යන්තර සබඳතා සඳහා ආදර්ශයක් වී ඇති බව Li Qiang මහතා පැවසීය. සැමවිටම, තම  ජාතික තත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් අනුගමනය කිරීම සඳහා චීනය කාම්බෝජයට දැඩි ලෙස සහාය වනු ඇත. පොදු ඉරණමක් සහිත ප්‍රජාවේ නව අනුවාදය සාකච්ඡා කර අත්සන් කිරීමට දෙපාර්ශ්වයම අවස්ථවක් හිමි කර ගත යුතුය. චීන-කාම්බෝජ පූර්ණ උපායමාර්ගික සහයෝගිතාව සඳහා සමස්ත සැලසුම් සකස් කර කාම්බෝජ ජාතික සමෘද්ධිය සහ දිගුකාලීන ස්ථාවරත්වය සඳහා  සහාය විය යුතු බව හෙතෙම පැවසීය.

වසර 65කට පෙර කාම්බෝජය සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ දා සිට දෙරට අතර සහයෝගිතාව ඵලදායි ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව Hun Manet මහතා පැවසීය. හිටපු අග්‍රාමාත්‍ය Hun Sen මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එක්ව ගොඩනැගූ ද්විපාර්ශ්වික මිත්‍ර සබඳතා මත දෙරට අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා කාම්බෝජ නව රජය චීනය සමඟ කටයුතු කරනු ඇතැයි  ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම