විදේශ රැකියා ජාතික ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩල අනුමැතියට යොමු කෙරේ
2023-09-07 16:40:31
Share with:

විශේෂඥයින්ගේ සහාය ඇතිව මෙරට විගමණික ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ජාතික විදේශ රැකියා ප්‍රතිපත්තියක් සකස් කර එය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත්, ඊට සමගාමීව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ පනත ද පූර්ණ සංශෝධනයකට ලක්කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිවන බවත් විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පවසයි.

2022 වර්ෂයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශයේ වගකීම් භාරදෙන විට ලබාදුන් වාර්ෂිකව මිලියන 7000ක විදේශ ප්‍රේෂණ ගෙන්වා ගැනීමේ ඉලක්කය මෙම වසරේදීම ළඟා කර ගැනීමට හැකිවනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම