Jakarta-Bandung අධිවේගී දුම්රිය මාර්ගය කලාපීය සහයෝගීතාවයට සාර්ථක උදාහරණයක් බව චීන අගමැති පවසයි
2023-09-07 17:23:35
Share with:

Jakarta-Bandung අධිවේගී දුම්රිය මාර්ගය කලාපයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් නවීකරණය සඳහා එක්ව ක්‍රියා කරන බවට වන සාර්ථක උදාහරණයක් බව චීන අගමැති Li Qiang මහතා පවසයි. ඊයේ (06)  චීන-ඉන්දුනීසියා ප්‍රධාන සහයෝගිතා ව්‍යාපෘතියක් වන Jakarta-Bandung අධිවේගී දුම්රිය මාර්ගය නිරීක්ෂණ සංචාරයකට එක්වෙමින් හෙතෙම ඒ බව ප්‍රකාශ කර ඇත. 

එහිදී දුම්රිය මාර්ගය ඉදිකිරීම පිළිබඳ සැලසුම් වාර්තාවට සවන් දුන් අග්‍රාමාත්‍යවරයා දෙරටේ ඉදිකිරීම් ශිල්පීන් විසින් සිදු කරන ලද කැපවීම පිළිබඳව සිය ප්‍රසාදය ද පළ කළේය. අග්නිදිග ආසියාවේ පළමු අධිවේගී දුම්රිය වන Jakarta-Bandung අධිවේගී දුම්රිය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළෙහි ප්‍රමුඛ ව්‍යාපෘතියක් බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා එය ඉන්දුනීසියානු ජනතාවට වඩා හොඳ ජීවිතයක් සඳහා බලාපොරොත්තු එක් කරනු ඇති බව ද පැවසීය. 

ඉන්දුනීසියාවේ නවීකරණයට ශක්තිමත් සහ දිගුකාලීන පෙළඹවීමක් ඇති කරමින් දෙපාර්ශ්වයේ රාජ්‍ය නායකයින් දෙදෙනා විසින් ඇති කර ගත් වැදගත් එකඟතාවයන් ක්‍රියාත්මක කළ යුතුය. එමෙන්ම අධිවේගී දුම්රිය උසස් ප්‍රමිතියෙන් යුක්ත වීම සහ උසස් තත්ත්වයේ ක්‍රියාකාරිත්වයක් සහතික කළ යුතු බව ද Li Qiang මහතා එහිදී කියාසිටියේය. 

චීනය ඉන්දුනීසියාව සමග සිය උසස් මට්ටමේ විශේෂඥ හැකියාවන් හුවමාරු කර ගැනීමට සුදානම් බව හෙතෙම පැවසීය. එමෙන්ම එරට ජනතාවගේ මෙන්ම කලාපයේ සංවර්ධනය සහ සමෘද්ධිය උදෙසා හවුල් අනාගතයක් සහිත චීන-ඉන්දුනීසියා ප්‍රජාවක් ගොඩනැගීම නව තලයකට ගෙන එමින් එහි යහපැවැත්ම සඳහා දායක වීමට දෙපාර්ශ්වයම අඛණ්ඩ උත්සාහයන් ගත යුතු බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා සහ ඉන්දුනීසියාවේ සිව්වන විශාලතම නගරය වන Bandung සම්බන්ධ කරන, Jakarta-Bandung අධිවේගී දුම්රිය මාර්ගයේ දිග කිලෝමීටර 142 ක් වන අතර ධාවනයට සැලසුම් කර ඇති උපරිම වේගය පැයට කිලෝමීටර 350 කි. එමෙන්ම එය චීන දුම්රිය පද්ධතියක, තාක්ෂණය සහ කාර්මික සංරචක පූර්ණ ලෙස භාවිතා කරන පළමු විදේශීය අධිවේගී දුම්රිය ව්‍යාපෘතිය ද වේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම