ආනයනික රසායනික පොහොර සහ බීජවල ප්‍රමිතිය හා මිල නියාමනයට ජාතික ප්‍රතිපත්තියක්
2023-09-06 17:51:18
Share with:

මෙරටට ආනයනය කරනු ලබන රසායනික පොහොර මෙන්ම බීජවල ප්‍රමිතිය හා මිල නියාමනය කිරීමට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බව ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා පවසයි

රසායනික පොහොර 70%ක් සහ කාබනික පොහොර 30%ක් ලෙස සමානුපාතිකව භාවිත කිරීම මගින් හෙක්ටයාරයක් සඳහා ලබාගත හැකි ඉහළම අස්වැන්නක් ලබා ගත හැකි බව 2003 වසරේ සිට සිදු කළ පර්යේෂණාත්මක දත්ත මත තහවුරු වී ඇති බවත්, යෝජිත ජාතික ප්‍රතිපත්තියට එම කරුණු ද ඇතුළත් කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම