චීන අග්‍රාමාත්‍යවරයා 26වැනි චීන-ආසියාන් නායක සමුළුවට එක් වේ
2023-09-06 17:43:47
Share with:

චීන අග්‍රාමාත්‍ය ලි ච්‍යං මහතා 26වැනි චීන-ආසියාන් නායක සමුළුවට එක් විය. එම සමුළුව අද (6) ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර දී පැවැත්විණ.

සුන්දර අනාගතයක් පොදුවේ නිර්මාණය කිරීම සඳහා ආසියාන් රටවල් සමග සමගියෙන් හා සහයෝගයෙන් කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ලි ච්‍යං අග්‍රාමාත්‍යවරයා එහිදී කියාසිටියේ ය. පොදු ඉරණමක් සහිත චීන-ආසියාන් හවුල ගොඩනැගීම උදෙසා ආර්ථික වශයෙන් සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීම සහ නව කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් සහයෝගිතාව වැඩි කිරීම ඇතුළු යෝජනා 4ක් හෙතෙම එහිදී ඉදිරිපත් කර ඇත.

එම අවස්ථාවට එක්වූ ආසියාන් රටවල නායකයෝ චීනය සමග පවතින සහයෝගිතා සම්බන්ධතා ඉහළින් අගය ක‍ළහ. ඉදිරියේදී චීනය සමග අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් තහවුරු කරමින් පොදු ඉරණමක් සහිත චීන-ආසියාන් හවුල ගොඩනැගීමට අපේක්ෂා කරන බව ද ඔවුහු පැවසූහ. කෘෂිකර්මාන්තය, හරිත සංවර්ධනය, විද්‍යුත් වාණිජ්‍යය, විද්‍යා තාක්ෂණික නවෝත්පාදනය ඇතුළු ක්ෂේත්‍රවල චීනය සමග සහයෝගිතා පැවැත්වීමට එම සමුළුවේදී ඒකාබද්ධ නිවේදන හා ලියවිලි රැසක් නිකුත් කෙරිණ. 2024 වසර“ චීන-ආසියාන් මානව හුවමාරු වසර”ලෙස නම් කරන බව ද  26වැනි චීන-ආසියාන් නායක සමුළුවේදී ප්‍රකාශයට පත් කෙරිණ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම