සෞදි අරාබිය හා රුසියාව සිය දෛනික ඛනිජ තෙල් නිෂ්පාදනය සීමා කිරීමේ පියවර දීර්ඝ කරයි
2023-09-06 14:54:37
Share with:

සිය අභිමතය මත දෛනික ඛනිජ තෙල් නිෂ්පාදනය බැරල් මිලියනයකින් සීමා කිරීමේ පියවර මෙම වසරේ අවසානය දක්වා දීර්ඝ කරන බව සෞදි අරාබිය ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔක්තෝබර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා සෞදි අරාබියේ දෛනික බො‍ර තෙල් නිෂ්පාදනය මිලියන 9ක් වනු ඇතැයි ද සෞදි අරාබි බලශක්ති අමාත්‍යංශය ඊයේ(5) පැවසීය. ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වූ තෙල් නිෂ්පාදනය බැරල් මිලියනයකින් අඩු කිරීමේ පියවර සැප්තැම්බර් මස අවසානය දක්වා දීර්ඝ කිරීමට මීට පෙර සෞදි අරාබිය තීරණය කර තිබිණ.

මේ අතර රුසියානු උප අගමැති  Alexander Novak මහතා ඊයේ(5) ප්‍රකාශ කළේ රටේ දෛනික බොර තෙල් නිෂ්පාදනය බැරල් තුන් ලක්ෂයකින් අඩු කිරීමේ පියවර මෙම වසරේ දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීමට රුසියාව තීරණය කර ඇති බවයි.

එමෙන්ම මේ මස පස්වැනිදා ජාත්‍යන්තර වෙළඳපොළේ ඛනිජ තෙල් මිලෙහි ඉහළ යාමක් පෙන්නුම් කරයි. එදින නිව්යෝර්ක් වාණිජ භාණ්ඩ ගනුදෙනු ආයතනයේ ඔක්තෝබර් මාසයේ බෙදා හරින ලද සැහැල්ලු බොර තෙල්වල ඉදිරි ගනුදෙනු මිල ඇ.ඩො. 1.14කින් වැඩිවී අවසානයේ බැරලයකට 86.69ක් දක්වා ඉහළ ගොස් ඇත. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම