මේ වසර අවසානයේ වාහන ආනයන සීමා ඉවත් කෙරේ
2023-09-06 17:52:01
Share with:

මේ වසර අවසන් වන විට වාහන ආනයනය සඳහා පනවා ඇති ආනයන සීමා ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මේ වසර අවසන් වන විට පුද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයනය සඳහා පනවා ඇති ආනයන සීමා ඉවත් කෙරෙනු ඇති.

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ බව ප්‍රකාශ කළේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී අදහස් දක්වමිනි.

මේ අතර විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් භාවිතා කරන උපකරණ සහ දේශීය සහල් නිෂ්පාදනය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කර තිබේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම