ඇමරිකානු මැදිහත්වීම්වලට මුහුණ දීමේ දී ඉරාන-සෞදි අරාබි සබඳතා ඉරානයට නව සවියක් වනු ඇත
2023-09-06 16:08:37
Share with:

සෞදි අරාබියේ නව ඉරාන තානාපති Alireza Enayati මහතා ඊයේ (5) රියාද් අගනුවරට පැමිණ ඇත. එදිනම ඉරානයේ නව සෞදි අරාබි තානාපති Abdullah Al-Anazi මහතා ද ඉරානයේ ටෙහෙරාන් අගනුවරට පැමිණ තිබේ.

 දෙරට තානාපතිවරුන් දෙපළක් අන්‍යොන්‍ය වශයෙන් මෙසේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා පැමිණ ඇත්තේ වසර හතකට  පසුව යි.  මෙය, ඉරාන-සෞදි අරාබි සම්බන්ධතාව විධිමත් වීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.

චීන මාධ්‍ය සමූහයේ වාර්තාකරු සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉරාන දේශපාලන විශ්ලේෂක Foad Izadi මහතා කියාසිටියේ, ඉරාන - සෞදි අරාබි සබඳතා ප්‍රවර්ධනය කිරීම දෙරට ජනතාවගේ අවශ්‍යතාවන්ට ගැලපෙන බව යි. එසේම, දේශපාලනය, ආර්ථිකය හා ආරක්ෂාව යනාදී ක්‍ෂේත්‍රවල සහයෝගතා පැවැත්වීම සඳහා දෙරටටම පුළුල් ශක්‍යතා සහ අවස්ථා පවතින බවත් හෙතෙම පෙන්වා දෙයි.

 ඉරානය හා සෞදි අරාබිය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව සක්‍රිය වීම, කලාපය තුළ ඉරානය හුදෙකලා කිරීමේ ඇමරිකානු උත්සාහය බිඳ දැමීමට මනා පිටුබලයක් වනු ඇතැයි ද Foad Izadi මහතා විග්‍රහ කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම